27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරෝහල් කාර්ය මණ්ඩලය සමඟ ආරවුලක් ඇති කරගත් තිදෙනෙකු රිමාන්ඩ්

රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ආරවුලක් ඇති කරගත් තිදෙනෙකු රිමාන්ඩ්

මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට සහ රෝහල් පොලිසියේ නිලධාරියෙකුට දෝෂාරෝපණය කරමින් තර්ජනය කළ සැකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

ප්‍රතිකාර සදහා රෝහල වෙත රැගෙන ආ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වූ බව කියන සිදුවීමක් මත අත්අඩංගුවට පත් පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර ආරවුලක් සිදුවී තිබුණා.

රෝහලේ ලක්‍ෂ 2ක් පමණ වටිනා දේපලවලට ද අලාභ හානි සිදුකළ මෙම සැකරුවන් තිදෙනා ලබන 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාතවරයා ඊයේ (15) නියෝග කර ඇත්තේ.

මෙම සැකකරුවන් තිදෙනා දාගොන්න සහ කටුවැල්ලේගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වන අතර මීගමුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.