28.6 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවිදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පටවන්න එපා - දුමින්ද දිසානායක

විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පටවන්න එපා – දුමින්ද දිසානායක

විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අවස්ථාවේ ජනතාවට පමණක් පටි තද කරගැනීමට නොකියා රාජ්‍ය නිලධාරීන්ද දූෂණය, නාස්තිය නවත්වා පටි තද කරගත යුතු බව කී මන්ත්‍රීවරයා තමන් ආණ්ඩුවට සහය දුන්නත් ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයක්ම අනුමත නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.