29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත පරාජයක්

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර අද (16) පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුනි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 08ක් දැවී ලකුණු 112ක් රැස් කළාය.

තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 113කි.

පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිය ජයග්‍රාහි ඉලක්කය සපුරා ගත්තා.