32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහලාවත ප්‍රදේශයේ නිවසක අභිරහස් මරණයක්

හලාවත ප්‍රදේශයේ නිවසක අභිරහස් මරණයක්

හලාවත, කොක්කාවිල ප්‍රදේශයේ නිවසක බිම වැටී මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පෙරේදා (14) දින මෙසේ මිය ගොස් ඇත්තේ, 49 හැවිරිදි කොක්කාවිල, මුගුණුවටන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මානසික ආබාධයකින් පෙළෙමින් සිටි අයෙක් බවට මිට පෙර ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිලිලක් ද සිදු කර තිබුණා.

කෙසේ වෙතත් හලාවත රෝහලේ දී මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කර ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ මරණකරුගේ ගෙල ප්‍රදේශයේ කැපුටි තුවාලයක් ඇති බවයි.

ඒ හේතුවෙන් මෙම මරණය සැකකටයුතු මරණයක් බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ප්‍රකාශයක් ද සිදු කර තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන සිදු කරනවා.