29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆොටෝ කොපියක මිලත් ඉහළ යයි

ෆොටෝ කොපියක මිලත් ඉහළ යයි

විදුලිබිල, කඩදාසි හා යන්ත්‍ර අලුත් වැඩියා වියදම ආදිය ඉහළයාම හේතුවෙන් ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හැඳුනුම්පත් ඡායා පිටපතක් රුපියල් 10 සිට 15 දක්වාත්, ඒ 4 ප්‍රමාණයේ ඡායා පිටපතක් රුපියල් 15 සිට 20 දක්වාත් ඉහළ දමා ඇතැයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.

එමෙන්ම මුද්‍රිත පිටපත් (ප්‍රින්ට්අවුට්) ලබාදීමේ ගාස්තු ද කළු සුදු පිටපතක් රුපියල් 5කිනුත්, වර්ණ පිටපතක් රුපියල් 10කිනුත් වශයෙන් මිල ඉහළ නංවන බව ඔහු කීවේය.

මෙලෙස ගාස්තු වැඩිකිරීමට එකම හේතුව විදුලිබිල වැඩිකිරීම නොවන බවත්, කඩදාසි, ටෝනර් ආදියේ මිල මෙන්ම යන්ත්‍ර අලුත්වැඩියා වියදම ආදිය ද ඉහළයාම ආදී සියල්ල සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට සිදුවූ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙසේ කරන්නටවීම සම්බන්ධයෙන් පෙරපාසල් සිට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය ලබන දරුවන්ගෙනුත්, ඔවුන්ගේ දෙමාපියන්ගෙනුත් සමාව ඉල්ලා සිටින බවත්, මෙවන් පියවරක් ගැනීමට සිදුවන්නේ කළ හැකි අන් කිසිවක් නොමැති නිසා බවත් ඔහු පැවසීය.