30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇඟ සෝදමින් සිටි කොස්තාපල්වරිය වීඩියෝ කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

ඇඟ සෝදමින් සිටි කොස්තාපල්වරිය වීඩියෝ කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඇඟ සෝදමින් සිටින අවස්ථාවක එය ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදමින් සිටින අවස්ථාවක ආදාළ පොලිස් කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ ගතකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කොස්තාපල්වරයා හොර රහසේ එය වීඩියෝ කරන ආකාරය දැක ඇති කොස්තාපල්වරිය පසුව ඒ පිළිබඳව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බව සඳහන්.

අදාළ පැමිණිල්ලට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී කොස්තාපල්වරිය ඇඟ සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ එහි තිබී හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ලක්කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.