29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකන්ටේනරයකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කන්ටේනරයකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පානදුර, මෝදරවිල කර්මාන්තශාලා භූමියකදී ටොන් 3ක් පමණ බර සෝලා පැනල් ගබඩා කර තිබූ කන්ටේනර් පෙට්ටියකට යටවීමෙන් ඒවා සවි කරන නියෝජිතවරයෙක් මිය ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා මෝදරවිල පුද්ගලික කර්මාන්ත ශාලාවකට සෝලා පැනල් තොගය කන්ටේනර් පෙට්ටියක බහා රැගෙන විත්, බර ඔසවන යන්ත්‍රයකින් (forklift) එය ඉවතට ගැනීමේදී එක් පසෙකට බර වී, කන්ටේනර් පෙට්ටිය පෙරළීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සෝලා පැනල් සමාගමක උප නියෝජිතවරයෙකු වශයෙන් කටයුතු කළ මොහු මාතර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර දකුණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.