25 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 5ක හෙරොයින් සමඟ ඩුබායි ජූඩ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

කෝටි 5ක හෙරොයින් සමඟ ඩුබායි ජූඩ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ඩුබායි ජූඩ්ගේ’ ගෝලයෙකු රුපියල් කෝටි 5ක් වටිනා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඊයේ කඳාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

කොටහේන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු ඩුබායි ජූඩ් හි ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක ක්‍රියාකරුවෙකු බව විමර්ශනවලදී අනාවරණය වුණා.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.