25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්ද පත්‍රිකා ලැබුණොත් නිසි දිනයට තැපැල් ඡන්දය පැවැත්විය හැකියි

ඡන්ද පත්‍රිකා ලැබුණොත් නිසි දිනයට තැපැල් ඡන්දය පැවැත්විය හැකියි

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා අද (17) හෝ හෙට (18) දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි දින තුළ දී තැපැල් ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

තැපැල් ඡන්ද විමසීම මෙම මස 22,23 සහ 24 යන දිනවල දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් අද (17) සහ හෙට (18) යන දෙදින තුළ එම ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳව ලබන සඳුදා දිනයේ දී තීරණය කරන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.