30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි මාසයේදී යළිත් විදුලි ගාස්තුවේ වෙනසක්

ජූලි මාසයේදී යළිත් විදුලි ගාස්තුවේ වෙනසක්

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති නව නීතියට අනුව වසරකට දෙවතාවක් විදුලි බිලෙහි වෙනසක් සිදුවන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ඒ අනුව ජනවාරි මාසයේ සහ ජූලි මාසයේදී විදුලි බිල දෙවරක් වෙනස් කිරීමට නියමිතය.

විදුලි ප්‍රසම්පාදනය ජූලි මාසයේදී සමාලෝචනය කරන බවත් එම අවස්ථාවේදී විදුලි බිල වෙනස් කර සහන ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සමගම ඔහුගේ විශ්වාසයට අනුව ජූලි මාසයේදී විදුලි බිල වැඩි වීමේ හැකියාවක් නැත.