30.6 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රීරෝද රථයක් අඩි 700ක් පමණ ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථයක් අඩි 700ක් පමණ ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථයක් අඩි 700ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අද (17) සවස අනතුරක් සිදුවී තිබේ.

ඒ, කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දීය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 61ක කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

එම කාන්තාවගේ වයස අවුරුදු 62ක් වන ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 24 ක් වන ත්‍රීරෝද රථයේ රියදුරා බරපතළ තුවාල සහිතව කොලොන්න රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැක කරන්නේ දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා අනතුර සිදුවන්නට ඇති බවය.