නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 53 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 9-15 කාලසීමාව තුළ දිවයිනේ විවිධ මුහුදු ප්රදේශවල සිදුකළ වැටලීම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම්වලදී ධීවර බෝට්ටුවක් ඇතුළු නාවික උපකරණ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ප්රදේශවල නාවික කටයුතු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර ඇති බව ද නාවික හමුදාව සඳහන් කළේය.