25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපරිසරය ආරක්ෂා කිරීමට ජනතා සහයෝගය ලබා ගන්න - පරිසර ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

පරිසරය ආරක්ෂා කිරීමට ජනතා සහයෝගය ලබා ගන්න – පරිසර ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

පරිසර සංවේදී කලාප හා ස්ථාන හඳුනාගෙන මහජනතාව ඒ පිළිබඳ දැනුවත් භාවයට ලක් කරමින් එම ස්ථාන ආරක්ෂා කිරිමට මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පරිසරය ආරක්ෂා කිරිමේ ක්‍රියා මාර්ග කඩිනම්න් ගත යුතු ආකාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරිමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පරිසර අමාත්‍යාංශ නිලධාරින් අතර පරිසර අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ලබා ගත යුතු අතර මේ සම්බන්ධව පරිසර සංවේදී පිරිසක් නිර්මාණය කිරීමට දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරින්ගේ ද සහය ඇතිව නව වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ප්ලාස්ට්ක් හා පොලීතීන් භාවිත සිදුවන පරිසර හානිය අවම කිරිමටත් ඒ සම්බන්ධ ආදේශකයන් භාවිතා කිරිමට මහජනතාව දැනුවත් කළ යුතු බවද ඒ මහතා පැවසීය. පොලිතීන් භාවිතයේ දී එක් වරක් පමණක් භාවිතවන පොලිතීන් සම්බන්ධය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ,ඒ සඳහා කඩිනමින් ක්‍රියා මාර්ග ගත යුතු බවටත් අමාත්‍යවරයා සියලු නිලධාරින් උපදෙස් දුන්නේය.