― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිරිමි දරුවෙක්ට අමුතු පාඩමක් ඉගැන්වූ ගුරුවරයා අත්අඩංගුවට

පිරිමි දරුවෙක්ට අමුතු පාඩමක් ඉගැන්වූ ගුරුවරයා අත්අඩංගුවට

වයස අවුරුදු 15 පාසල් දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට සැක පිට මැදවච්චිය ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු මැදවච්චිය අගුනච්චිය ප්‍රදේශයෙන් ඊයේ (16) අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පැවසුවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙක්. වසරකට පමණ පෙර සිට මෙම දරුවාට ගුරුවරයාගෙන් බරපතළ ලිංගික අපයෝජන සිදුවන බවට කිසියම් පුද්ගලයෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මැදවච්චිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් හරහා අදාල දරුවාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එහිදී වසරක පමණ කාලයක සිට අවස්ථා ගණනාවකදී තම ගුරුවරයා පාසලේ ගුරු නිවාසයේදී තමන්ව අතවරයට ලක්කළ බව දරුවා පැවසූ බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ අදාළ ගුරුවරයා ගේ බිරිඳ වසරකට පමණ ඉහතදී ඔහුගෙන් වෙන් වී ගොස් ඇති අතර 13 වියැති සහ 15 වියැති දියණියන් දෙදෙනකු සමඟ සැකකරු ගුරු නිවාසයේ ජීවත්ව සිට ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.