27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් සැපයීම ප්‍රතික්ෂේප කළ සේවකයෙකුට සිදු කළ අපරාධය

පෙට්‍රල් සැපයීම ප්‍රතික්ෂේප කළ සේවකයෙකුට සිදු කළ අපරාධය

QR කේතයක් නොමැතිව පෙට්‍රල් සැපයීම ප්‍රතික්ෂේප කළ ඉන්ධන පිරවුම්හල් සේවකයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී 10.45ට පමණ යාපනයේ නාවට්කුලි ඉන්ධන පිරවුම්හලේදී මෙම සිද්ධිය සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට QR කේතයක් නොමැතිව පෙට්‍රල් නිකුත් කරන ලෙස බලකර ඇති අතර පෙට්‍රල් ලබාදීම ප්‍රතික්ෂේප කළ සේවකයෙකුට මොවුන් දෙදෙනා පහර දී ඇත.

ඉන්පසු යතුරුපැදිකරුවන් දෙදෙනා මෙම සේවකයාව කඩුවකින් කපා කොටා තුවාල සිදු කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සේවකයා වැඩිදුර ප්‍රතිකාර රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු කරයි.