― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessබැංකු පොළී අනුපාත අඩු කිරීමට උපදෙස්

බැංකු පොළී අනුපාත අඩු කිරීමට උපදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (16) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඉන්ධන මිල, විදුලි ගාස්තු, යන්ත්‍ර සූත්‍ර නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම් වැඩිවීම සහ අනෙකුත් සියළුම නිෂ්පාදන හා පරිපාලන වියදම් ඉහළ යාම හේතුවෙන් සහල් කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී ඇති බවත්, එම නිෂ්පාදන මිලට සාපේක්ෂව දැනට වෙළඳපොළේ පවතින සහල් මිලට තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් පාඩු සිදුවන බවත් සහල් මෝල් හිමියන් විසින් මෙහිදී පෙන්වා දුන්නා.

එසේම වී මිලදී ගැනීමට ලබාගත් බැංකු ණය සඳහා 28% ක පොළියක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාව පිළිබඳව ද ඔවුහු කරුණු ඉදිරිපත් කළා. ගොවිතැන් කටයුතුවල ගොවි යෙදවුම් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා වී කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී අති අතර, වගා කටයුතු සඳහා ගොවීන් බැංකු වලින් ලබා ගෙන ඇති ණය සඳහා ඉහල පොළියක් ගෙවීමට සිදුව තිබෙන බව ද මෙහිදී සඳහන් කර සිටියා.

මෙලෙස ගොවියාගේ නිෂ්පාදන වියදම මෙන්ම සහල් මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා වී කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු වී තිබෙන අතර, රජයේ මැදිහත්වීමෙන් ඊට කඩිනමින් සහනයක් ලබා දෙන ලෙසද සහල් මෝල් හිමියන් ඉල්ලා සිටියා.

මේ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා සඳහන් කළේ පාරිභෝගික ජනතාවට මෙන්ම ගොවීන්ට ද ලබාදිය හැකි සියලු සහන ලබාදීම රජයේ අපේක්ෂාව බවයි. ගොවියාගේ නිෂ්පාදන වියදම අඩුකර වී නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සහල් නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳවත් කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.