26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේකරි කර්මාන්තයට පමණක් බිත්තර ආනයනයට අවසර

බේකරි කර්මාන්තයට පමණක් බිත්තර ආනයනයට අවසර

බිත්තර හිඟය වළක්වා ගැණීම සඳහා තාවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමටත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවත්ය.

බිත්තර ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැළසුම් කර තිබූ නමුත් කුරුළු උණ වසංගතය හේතුවෙන් එය දිගින් දිගටම කල් දැමීය.