29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාමාගේ වාහනය නිසා අවසන් ගමන් ගිය මල් කැකුළ

මාමාගේ වාහනය නිසා අවසන් ගමන් ගිය මල් කැකුළ

සුඛෝපභෝගී මෝටර් රථයට යටවී මෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කලුබෝවිල රූබන් පීරිස් මාවතේ පදිංචිව සිටි දැරියක්.

ඇය අනතුරට ලක්වී ඇත්තේ ඇයගේ මාමා විසින් පැදවූ මෝටර් රථයට යටවීමෙන් බවයි හෙළිවී ඇත්තේ.

මේ වනවිට මෝටර් රථය පැදවූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික සැකකරු හා සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු ඊයේ 16 දහවල් ආගමික වතාවත්වල යෙදීම සඳහා නිවසින් පිටවී යාමට සූදානම්ව මෝටර් රථය නිවස ඉදිරිපිටට ගරාජයෙන් පිටතට ගැනීමේදීයි අනතුර සිදුව ඇත්තේ.

මෝටර් රථයේ ඉදිරිපසට පැමිණි දැරියව බෆරයට සහ පොළවට තෙරපීමෙන් අනතුර වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. අනතුර සියැසින් දුටු නිවසට පැමිණ යතුරු පැදියෙන් පිටවීමට ගිය පුද්ගලයෙකු ඒ බව සැකකාර රියදුරුට දැනුම් දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව මෝටර් රථයේ බපරයට සහ පොළොව අතර තෙරපී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ නිවැසියන් දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ. ඉන් අනතුරුව අද අළුයම දැරිය මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සිදු වන ආකාරය නිවසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවේ මනාව සටහන් වී තිබේ.