27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමාලිමාවේ ඉන්න අය හොරු - පොහොට්ටුව ගැන විශ්වාස කරන්න

මාලිමාවේ ඉන්න අය හොරු – පොහොට්ටුව ගැන විශ්වාස කරන්න

ජාතික ජන බලවේගය හරහා පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් වැඩි පිරිසක් විවිධ අපරාධවලට සම්බන්ධ අය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පැවති රැස්වීමක් අතරතුරදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ රටේ ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට පත් කර ඇරි බවත් එම මන්ත්‍රීවරුන් රට වෙනුවෙන් කිසිවක් නොකළ බවත් ඔවුන් කළේ ඔවුන්ගේ පෞද්ගලික කටයුතු පමණක් බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

වසර 30ක රටේ පැවති යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගිය සහ කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබන ලෙස ඔහු නාවලපිටි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය.