― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමිහින්තලේදී බඹර ප්‍රහාරයකට ලක් වූ 5 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

මිහින්තලේදී බඹර ප්‍රහාරයකට ලක් වූ 5 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

මිහින්තලේ පොලිසිය ආසන්නයේදි බඹරුන්ගේ ප්‍රහාරයකට ලක්විමෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව මවක්, ඇයගේ දරුවන් දෙදෙනාත් සහ පොලිස් නිලධාරින් දෙනෙකු මිහින්තලය රෝහලට අද  (17) පස්වරුවේ ඇතුලත් කළ බව මිහින්තලය පොලිසිය පවසනවා.

මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මහදිවුල්වැව පදිංචි 30 හැවිරිදි මවක් සහ ඇයගේ 11 හැවිරිදි දියණිය,06 හැවිරිදි පුත්‍රයා,මිහින්තලයේ පොලිසියේ සැරයන් වරයෙක් හා පොලිස් කොස්තාපල් වරයෙකු ඇතුළු පස් දෙනෙකි.

මහදිවුල්වැව පදිංචි මව සිය දරු දෙදෙනාත් සමග මිහින්තලය රෝහලට පැමිණ ආපසු යමින් සිටියදි පොලිසිය ආසන්නයේ ගසක බැද තිබු බඹර කුඩයක් ඇවිස්සිමෙන් බඹර ප්‍රහාරයකට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

එම බඹර ප්‍රහාරයෙන් බේරිම සදහා මෙම මව සිය දරුවන් දෙන්නාද රැගෙන පොලිසිය වෙත දුව ගොස් තිබේ.එහිදි මිහින්තලේ පොලිසියේ ගේට්ටුව ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු මව සහ ඇයගේ දරැවන් දෙදෙනා බඹර ප්‍රහාරයෙන් මුදවා ගැනිමට උත්සහා දරද්දි ඔවුන් දෙදෙනාද බඔරැන්ගේ ප්‍රහාරයට ලක්වි තිබුණි.

මින් දැඩි ආසාධ්‍ය තත්වයට පත්වු ඔවුන් පස්දෙනාම ප්‍රතිකාර සදහා මිහින්තලය රෝහලට ඇතුලත් කොට තිබේ.