27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සොයා ගැනීමට අපහසුයි

මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සොයා ගැනීමට අපහසුයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත ආරක්ෂා සැපයීම සඳහා පොලිස් නිලධාරීන් සොයා ගැනීමේ අපහසුතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තවමත් ආරම්භ කළ නොමැති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම කටයුතු ආරම්භ කළ පසු අදාළ ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (17) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ආරක්ෂාව වෙනුවෙන් දීර්ඝ කාලීනව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රාජකාරියේ යෙදවීමේ දී පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානවලින් ලබා ගැනීමේ දී සළකාබැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ආයතනවලින් කුමන ඉල්ලීම් පැමිණිය ද ආරක්ෂාව සඳහා යොදවන නිලධාරී සංඛ්‍යාව තීරණය කිරීම සිදුකරනු ලබන්නේ පොලිසිය විසින් බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.