― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමොහොමඩ් ඊබ්‍රහිම්ට එරෙහිව මූලික විරෝධතා

මොහොමඩ් ඊබ්‍රහිම්ට එරෙහිව මූලික විරෝධතා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී එය පොලිසියට වසන් කළේ යැයි චෝදනා කරමින් ප්‍රහාරය එල්ල කිරීමට දායක වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

මෙම නඩුව අද කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළා. ඒ අනුව එම මූලික විරෝධතා වලට අදාළ පිළිතුරු මාර්තු ම සතුන් වනදා ඉදිරිපත් වන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ගනිමින් සිටියදී ඒ පිළිබඳව පොලිසියට දැනුම් ද වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොණුකර තිබෙනවා.