27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ඉල්ලීමට රුපියල් 100ට වී ගන්න එකඟ වුණා

රජයේ ඉල්ලීමට රුපියල් 100ට වී ගන්න එකඟ වුණා

වී කිලෝවක් සඳහා රුපියල් 140 කට වැඩි මිලක් ගොවීන්ට ලබාදිය යුතු වුවත් අවසානයේ රජයේ ඉල්ලීම පරිදි රුපියල් 100 බැගින් වී කිලෝවක් මිලදී ගැනීමට තමන් ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වූ බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බොහොම කාරුණිකව ඉල්ලීමක් කළා, ගොවියන්ට මේ ගෙවන රුපියල් 100 මිල මදි, වී කිලෝ එකක් රුපියල් 140කට වැඩි විය යුතුමයි. ඉතින් අපි වී කිලෝවකට රුපියල් 120ක් වත් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ජනාධිපතිතුමාගේ සහ රජයේ ප්‍රධාන නිලධාරීන්ගේ අදහස වූයේ මේක රටේ බත් කන පාරිභෝගික ජනතාවගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ කන්නයේ මේ විදියට කරලා ලබන කන්නයේ ඉඳන් වී මිල වැඩිකරමු කියන යෝජනාව තමයි අවසානයේ එකඟතාවකට ආවෙ.