29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට ගොඩගත හැකි කණ්ඩායම ඉන්නේ අප සමඟයි

රට ගොඩගත හැකි කණ්ඩායම ඉන්නේ අප සමඟයි

රට ගොඩ නංවන්නට හැකියාව දක්ෂතාවය මෙන්ම කුසලතාවය ඇති කණ්ඩායමම සිටින්නේ සමගි ජන බලවේගය සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) වලපනේදී පැවැති ජන හමුවකට එක්වෙමිනි.

විවිධ සමාගම් සතුව වගා නොකරන දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් රට තුළ ඇති බවත්, ඒවා මුඩු ඉඩම් වී ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය. කම්කරුවන් ලෙස කටයුතු කරන වතු ප්‍රජාවත්, රටේ ඉඩම් අහිමි යෞවන ප්‍රජාවත් ජාතිභේදයෙන් තොරව එකට ගොඩනැගීම සිය අරමුණ බව පැවසූ විපක්ෂ නායකතුමා ඉඩමක සහ කුඩා තේ වත්තක හිමිකරුවෙක් බවට ඔවුන් පත් කිරීම සිය අරමුණ බවද පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ආර්ථිකය කුඩා කර රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් සමාජවාදයෙන්වත් ධනවාදයෙන්වත් මේ රට ගොඩනැගිය නොහැකි බවත් ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යා යුතු බවත්ය.