23.9 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ගාස්තු ගැන අභියාචනාධිකරණයෙන් විශේෂ තීරණයක්

විදුලි ගාස්තු ගැන අභියාචනාධිකරණයෙන් විශේෂ තීරණයක්

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවා ද නැද්ද යන තීරණය අද (17) දිනයේ දී අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පසුගියදා මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේදී විදුලිබල අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විෂය භාර අමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලයට බලය තිබෙන බවයි.