27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙඩි තැබීමකින් මිනුවන්ගොඩ චන්දු ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් මිනුවන්ගොඩ චන්දු ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) රාත්‍රී 10.00ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ, උන්නාරුවේ ප්‍රදේශයේ පදිංචිව සිටි මනික්කුගේ ප්‍රභාත් ප්‍රියංකර හෙවත් ‘චන්දු’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි වියේ පුද්ගලයෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණ ඇප මත සිටින අයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.