26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය කෘත්‍රිම වෙරළක්ද ?

ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය කෘත්‍රිම වෙරළක්ද ?

කොළඹ වරාය නගරය පසුගිය දා ලක්දිව මුහුදට මුහුණලා කෘත්‍රිම වෙරළක් නිරාවරණය කළ බවත් කිලෝමීටර 1340 වෙරළ තීරයකට උරුමකම් කියන ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය කෘතීම වෙරළ තීරයක්ද යන්න කොළඹ නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ කණසල්ලට හේතුවක් වී ඇති බවත් අල්-ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

අක්කර 665 ගොඩ කරමින් ඉදිවන කොළොඹ වාරය නගර ව්‍යාපෘතිය තිරසාර නොවන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශේෂ වාසියක් අත්කර නොදෙන බවත් එය දැඩි බදු බරින් සහ ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාවෙන් වෙන්වූ බදු බරින් නිදහස් සිහිනලන්තයක් බවත් විචාරකයෝ චෝදනා කර ඇතැයි අල්-ජසීරා පුවත් සේවය පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් වරාය නගරය සංවර්ධනය කිරීම භාර චෙක් පෝර්ට් සිටි කොළඹ සමාගම විචාරකයන්ගේ මෙම විවේචන ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ තිබෙන ලොව ප්‍රධාන පෙළේ නගරයක් වනු ඇතැයි පෙන්වා දී ඇති බවත් අල්-ජසීරා පුවත් සේවය සඳහන් කර ඇත.