30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයින් 2000කට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා

ශ්‍රී ලාංකිකයින් 2000කට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා

මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදෙන බව ඊශ්‍රායලය පවසයි.

දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම පසුගියදා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර හමු වූ අතර එහිදීයි මේ බව තහවුරු කර ඇත්තේ.

මෙහිදී සාත්තු සේවිකාවන්ට වැඩි අවස්ථාව හිමිවන අතර ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ලබාදීම සඳහා අතරමැදියෙකු මුදල් ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලබාදෙන ලෙස එරට ජනගහන සහ සංක්‍රමණික ආයතනයේ නියෝජිතයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.