27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීතාවක ඔඩිසි ධාවනය යළි නවතී

සීතාවක ඔඩිසි ධාවනය යළි නවතී

සීතාවක ඔඩිසි විශේෂ සංචාරක දුම්රිය ධාවනයේ යෙදවීම දින නියමයකින් තොරව දෙවන වරටත් කල්දැමීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මෙම නව දුම්රිය හඳුන්වා දුන් අතර සංචාරකයන් සංචාරක ස්ථානවලට රැගෙන යාම වෙනුවෙන් අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය නිසි පරිදි සම්බන්ධීකරණය නොවීම හේතුවෙන් මෙලෙස ධාවනය කල් දැමීමට සිදු වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර මෙම දුම්රිය පස්වරුවේ නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට සැලසුම් කර ඇත්තේ සංචාරක ස්ථාන කරා සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ බහුවිධ ප්‍රවාහන මාධ්‍ය දායකත්වයද ගනිමිනි.