හික්කඩුවේ සම්බාහන ආයතනයක් තුළදී තම 22 හැවිරිදි දියණිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට ඇමරිකානු පුද්ගලයකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පුද්ගලයා ඇමරිකාවේ සිට විද්‍යුත් තැපෑල මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එහි දක්වා ඇත්තේ හික්කඩුවේ සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකු විසින් තම දියණියට මෙම අපරාධය කර ඇති බවයි.
අතවරයට ලක් වූ තරුණිය තම මවුපියන් සමඟ පසුගිය දෙසැම්බර් මාසයේ සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ඇති අතර දෙසැම්බර් 26 වැනිදා තම මව සමඟ හික්කඩුවේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් ඇත.
එහිදී ඇය සම්බාහනය කළ පුද්ගලයා විසින් ඇයට බරපතළ ලිංගික අතවරයක් සිදු කර ඇති අතර ඇය නැවත ඇමරිකාවට පැමිණි අවස්ථාවේදීයි ඇය මේ බව පියාට පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයය හා ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයට වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.