27.2 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු නියෝජ්‍ය ඇමතිට මාස 06ක සිර දඬුවම්

හිටපු නියෝජ්‍ය ඇමතිට මාස 06ක සිර දඬුවම්

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක මුදලක් ලබාදීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාෆාට කොළඹ මහාධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කළා.

අමතරව විත්තිකරුට රුපියල් පන්සීයක දඩයක් ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබෙන්නේ නම් අමතරව තවත් මාසයක සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වී ඇත්තේ.

එමෙන්ම වසර හතක කාලයක් විත්තිකරුගේ ප්‍රජා අයිතිය අහිමි කරන බවත් නඩු තීන්දුවේ සඳහන්. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ.