26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙල්මට් නැතැයි ඇල්ලූ කාන්තාව පීසීගේ කනට ග+හලා

හෙල්මට් නැතැයි ඇල්ලූ කාන්තාව පීසීගේ කනට ග+හලා

ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක් නතර කළැයි පොලිස් නිලධාරියෙක්ගේ කනට ගසා පැන ගිය කාන්තාවක් සම්බන්ධයෙන් පුවතක් ජා ඇළ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාඇළ පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙක් වන අතර එම කාන්තාව පහරදීමෙන් අනතුරුව යතුරු පැදියද දමා පැනගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් කොස්තාපල්වරයා ඇය නතර කර ගත් අවස්ථාවේදී “මම පොලිසියට බය නැති ගැහැනියක්” යැයි පවසා කනට පහරක් ගසා ඇති බවයි පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා පැවසුවේ.

කාන්තාව විසින් අතහැර දමා ගිය යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇති අතර එම කාන්තාව සීදුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි අනාවරණය වී ඇත්තේ.

එම කාන්තාව කිසියම් රෝගී තත්ත්වයකට කාලයක් තිස්සේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවට නිවසේ සිටි අය පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.