2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
තරඟාවලිය මාර්තු 31 ආරම්භ වන අතර, වත්මන් IPL ශූර ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි පළමු තරඟය පැවැත්වෙන්නේ.
රාත්‍රී 7.30ට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී එම තරගය ආරම්භ වනවා.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ අහමදාබාද්, මොහාලි, ලක්නව්, හයිද්‍රාබාද්, බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, කොල්කටා, ජායිපූර්, මුම්බායි, ගුවහාටි සහ ධර්මසාලා යන ප්‍රදේශවල ක්‍රීඩාංගන 12ක යි.




