29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅන්‍යෝන්‍ය විශ්වාසය නැතිව රටක් ලෙස ඉදිරියට යන්න බැහැ

අන්‍යෝන්‍ය විශ්වාසය නැතිව රටක් ලෙස ඉදිරියට යන්න බැහැ

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව අපට රටක් ලෙසට ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට යෙදෙන මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ මේ ආලෝකවත් ශිවරාත්‍රියේ දී අප අතර සබඳතා තර කරගැනීමට අදිටන් කරගතහොත් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සපිරුණු රටක් නිසැකවම අපට ගොඩනඟාගත හැකි වනු ඇති බවයි.

මහා ශිවරාත්‍රි දින සුබපැතුම් පණිවිඩය…

මහා ශිවරාත්‍රි උත්සවය බැතියෙන් සමරන සමස්ත හින්දු ජනතාවට මාගේ සුභාශිංසන පිළිගන්වමි.

ලොව ජීවත්වන සියලුම ජිවීන් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මෙලෙස ශිවරාත්‍රි දිනයේ දී සිහිපත් කරනු ලබයි.

නිරාහාරව රැය පහන් කරමින් ඔවුන් උපවාසයේ යෙදෙන්නේ “අඳුර දුරලා ආලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනය පෙරදැරිවය. එමෙන්ම එකිනෙකා අතර සාමය, සමගිය, සමානාත්මතාව වර්ධනය කර ගැනීම ද මෙයින් අපේක්ෂා කෙරේ.

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකියි. මේ ආලෝකවත් ශිවරාත්‍රියේ දී අප අතර සබඳතා තර කරගැනීමට අදිටන් කරගතහොත් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සපිරුණු රටක් නිසැකවම අපට ගොඩනඟාගත හැකි වනු ඇත.

මහා ශිවරාත්‍රි දින දැල්වෙන පහන් ආලෝකයෙන් සියලු දුක්ඛ දොම්නස්සයන් නිමා වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වේවා යි ! ප්‍රාර්ථනය කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය