― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට IMF අවධානය

චීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට IMF අවධානය

චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද විධිමත් සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණයදීම පිළිබදව සලකා බැලීමට තීරණය කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

බ්ලුම්බර්ග් පුවත් සේවය උපුටා දක්වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා යෙදිය හැකි නිශ්චිත IMF ප්‍රතිපත්ති පිළිබඳව පැවති සාකච්ඡා සාර්ථක නොවූ බවයි.

එබැවින් ශ්‍රී ලංකාවට ණය ලබාදීම සදහා වන ඉල්ලීම සලකා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට හැකි වන පරිදි බලධාරීන් මූල්‍ය සහතික කිරීම් දිගටම කරගෙන යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

ඉදිරි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට කටයුතු කරන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ IMF කාර්ය මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ. ණය දීම සම්බන්ධයෙන් කලාතුරකින් භාවිතා වන ප්‍රතිපත්තියක් යටතේ, චීනයේ සහතිකය නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය අනුමත කිරීමට සලකා බලන බව ඔහු එම සාකච්චාවේදී පැවසූ බව බ්ලුම්බර්ග් පවසනවා.

මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට පවතින අවහිරතා වැලැක්වීම සදහා IMF විසින් ගන්නාවූ ක්‍රියාමාර්ගයක් බවත් ඒ සදහාවන කොන්දේසි සපුරාලීමට ණය ලාභියා කැපවිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා වැඩිදුරටත් පවසා තිබෙනවා.