මැතිවරණය කල් දමා ජනපති උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවත් නීතිය සමඟ හැප්පෙන අයට දඬුවම් ඒකාන්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මැතිවරණය කල් දැමීම තුළින් අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ සංවිධායකවරුන්ගේ මානසිකත්වය බිඳ දැමීම, මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සිදු වන බවත් මෙය පොටික්ස් නොව පොලි ට්‍රික්ස් වුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරමින් උත්තරීතර නීතියට බාධා පමුණුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අනීතික, ව්‍යවස්ථා විරෝධී මැතිවරණ නවත්වන කුමන්ත්‍රණය ජන බලයෙන්, ජන ශක්තියෙන් පරාජය කර මේ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (17) ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එසේ ම මෙවර මැතිවරණයේ දී ජනතාව විකල්පය තෝරා ගත යුත්තේ දෙවැනි බංකාලොත්භාවයක් නිර්මාණය කර ගැනීමට නොව දැන් තිබෙන බංකොලොත්භාවයෙන් මිදීමට බවත් ගෝඨාභය රාජපක්ෂ සිදු කළ ඇන්දවිල්ල නැවතත් විකල්පය, විසදුම නමින් ඉදිරිපත් වී ඇති බවත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය ඩොලර් සෙවිය හැකි දක්ෂ කණ්ඩායමක් බැවින් ජනතාව නිවැරැදි තීන්දුව ලබා ගැනීම සිදු නොකළහොත් රට තවත් විනාශ වන බවද පැවසීය.
රටේ ප්‍රශ්නයට් එකම විසඳුම රාජපක්ෂලා කියා ඔවුන්ව බලයට ගෙන එන්න කටයුතු කළේ සමගි ජන බලවේගය නොව ජනතාව විමුක්ති පෙරමුණ බවත් එවැනි එවැනි හොරුන්ට හසු නොවී කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය පවත්වා ඉන් ජය ගෙන රට කාපු හොරු ටික අධිකරණය හමුවට ගෙන ඒමට සමගි ජන බලවේගය දිනවන ලෙසද විපක්ෂ නායකවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.