― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsතුර්කියේ මෙහෙයුම් සඳහා මෙරට හමුදාව යවන්න සාකච්ඡා

තුර්කියේ මෙහෙයුම් සඳහා මෙරට හමුදාව යවන්න සාකච්ඡා

පුද්ගලයන් 45,000 කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමිකරමින් තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් සඳහා ආධාර සැපයීමට ශ්‍රී ලංකා හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ. මෙම සාකච්ඡාවට ආරක්‍ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියා.

තුර්කියට සහ සිරියාවට බලපෑ මෙම භූමිකම්පාවෙන් තුර්කිය තුළ 39,672ක් සහ සිරියාව තුළ 5,800 මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිටත් රටවල් රැසක සහන සේවා කණ්ඩායම් තුර්කිය තුළ සහන සේවා සැපයීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.