30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියේ ගැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් දුම්රිය එන්ජිමක ගැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (18) උදෑසන වාද්දූව නොම්බර එක දුම්රිය ස්ථානයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම කාත්තාව සිය රාජකාරි සඳහා පිටත්ව යාමට කොළඹ බලා ධාවනය වන දුම්රියකට නැගීමට මෙම දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර එහිදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ඉදිකර තිබෙන ආරක්ෂිත දුම්රිය පාළමෙන් ගමන් නොකර අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී එම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු මවක් මෙලෙස මියගොස් ඇත.

වාද්දූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.