25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුනරුත්ථාපන තරුණ තරුණියන් රට රැකියාවලට

පුනරුත්ථාපන තරුණ තරුණියන් රට රැකියාවලට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා පුනරුත්ථාපනයට යොමු කර ඇති තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන්ට අවශ්‍ය විදේශ රැකියා පුහුණුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ලබා දීමෙන් අනතුරුව විදේශ රැකියා සඳහා යොමු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එම වැඩපිළිවෙළේ මූලික අදියර වශයෙන් එවැනි තරුණයන් 50 දෙනෙකු විදේශ රැකියා සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.