26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසිය තුළදී සිරුරට ගිනි තබාගෙන සිය බිරිඳව බදාගෙන දිවි නසා ගැනීමට පුද්ගලයෙකු...

පොලිසිය තුළදී සිරුරට ගිනි තබාගෙන සිය බිරිඳව බදාගෙන දිවි නසා ගැනීමට පුද්ගලයෙකු කළ උත්සාහයක් පොලිසිය වළකයි

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළදී සිරුරට ගිනි තබාගෙන සිය බිරිඳව බදාගෙන දිවි නසා ගැනීමට පුද්ගලයෙකු කළ උත්සාහයක් පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා වළක්වාගෙන තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයා විසින් බිරිඳට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

මිරිහාන මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි ඇවිලීමට සලස්වා ඒ අසල සිටි ඔහුගේ බිරිඳ බදා ගැනීමට උත්සාහ ගැනීමත් සමගම එම කාන්තාව ප්‍රධාන දොරටුවෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගෙන තිබූ බව සඳහන්.

ඒ සමගම එහි සිටි පොලිස් නිලධාරීන් එම කාන්තාව පසුපස හඹා යමින් සිටි එම පුද්ගලයා අල්ලාගෙන ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

සැකකරු එම අවස්ථාවේ හැඳ සිටි කලිසමෙන් සහ ටී ෂර්ට් එකෙන් පෙට්‍රල් ගඳ වහනය වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

බිරිඳට ඇසිඩ් ගැසීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණ නඩු තුනක් විභාග වෙන බව ද අනාවරණ වී තිබෙනවා.

ඔහු නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක අයෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.