― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට අවධානය

පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට අවධානය

මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර බන්ඩි පොහොර හොන්ඩරයක මිල රුපියල් 19,500ක් විය.

එවකට පැවැති ලෝක පොහොර මිල අනුව එම තීරණය ගත්ත ද බොහෝ ගොවීහු බන්ඩි පොහොර මිල අධික වීම නිසා ඒවා මිල දී ගැනීමට කටයුතු නොකළේය.

මේ වනවිට එම බන්ඩි පොහොර ‌ තොගයෙන් අලෙවි වී තිබෙන්නේ මෙට්‍රික් ටොන් 3000ක් පමණ එනම් සමස්ත පොහොර තොගයෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයකි.

මෙවර ඇතැම් කුඹුරුවල ගොයම් කහ වීමේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ ද බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

මේ අතර අප රටේ බොහෝ දිස්ත්‍රික්කවල ඇති කුඹුරුවල උග්‍ර පොටෑසියම් හිඟ තත්ත්වයක් මතුව ඇතැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව කටයුතු කරන විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවක දී එම ආචාර්ය මහාචාර්යවරු මේ බව පෙන්වා දුන්හ.

විශේෂයෙන් ඊට හේතුව 2021 මහ කන්නයේ සිට ම ගොවීන්ට පොටෑසියම් අඩංගු පොහොර නොලැබීමයි.

2022 යල කන්නයේ සිට රසායනික පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ආරම්භ කළ ද පොටෑසියම් බහුල පොහොර විශේෂ වන මඩ පොහොර හෙවත් TSP හා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර ලබා දීමට හැකියාවක් නොවීය.

මෙවර යල කන්නයේ දී පොටෑසියම් අඩංගු පොහොර ගොවීන්ට අනිවාර්යෙන්ම ලබා දිය යුතුව ඇතැයි ද එම විද්වත්හු පෙන්වා දුන්හ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙවර යල කන්නය ආරම්භයේ දීම මඬ පොහොර නොමිලයේ ගොවීන්ට ලබා දීමටත්, බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමටත් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර තවදුරටත් රුපියල් 10,000ක මිලට ම ලබා දීමට කටයුතු යොදා ඇත.

මේ වනවිට යල කන්නයට අවශ්‍ය තරම් යුරියා හා බන්ඩි පොහොර ලංකා පොහොර සංස්ථාව හා කොමර්ශල් පොහොර සංස්ථා සතුව පවතී.

බන්ඩි පොහොර මිල අඩු කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.