27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ නිරීක්ෂකයෝ උසාවි යාමට සැරසෙයි

මැතිවරණ නිරීක්ෂකයෝ උසාවි යාමට සැරසෙයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියා කලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එළැඹෙන මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බරපතළ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවත් මුදල් අමාත්‍යාංශය මේ දක්වා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දී නොමැති බවත් රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

මෙම කරුණු මත පදනම් ව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම සඳහා සිවිල් සංවිධාන හා එක්ව යම් මැදිහත් වීමක් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.