27.2 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවත්තලට පැය 12ක ජල කප්පාදුවක්

වත්තලට පැය 12ක ජල කප්පාදුවක්

ලබන 21 වනදා පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැය 12ක කාලයක් වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ කැළණිය – ප්‍රංශවත්ත පාර සහ සරසවි මාවතේ සිදු කරන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනු මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන බවයි.

ඒ අනුව වත්තල, හැඳල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවළපිටිය, මාබෝල, නායකකන්ද, ගලහදූව, මරදාන පාර, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නවපාර, පාදිලියාතුඩුව පාර මෙන්ම දළුපිටිය පාර සිට අක්බාර් ටවුන් පාලම දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.