29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගාස්තු වැඩි කළත් විදුලිබල මණ්ඩලයට තවමත් පාඩුයි – ජනපති

ගාස්තු වැඩි කළත් විදුලිබල මණ්ඩලයට තවමත් පාඩුයි – ජනපති

විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකළ ද විදුලිබල මණ්ඩලය තවමත් පාඩු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින අසීරු තත්ත්වයෙන් මිදීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි.

ඒ, අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වියදම් කපා හැරීමට හෝ ඒ සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා. අපි එයින් මිදෙන්න අවශ්‍යයයි. එයින් ගැලවීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් අපේ වියදම් කපා හැරීමට හෝ ඒ සඳහා මුදල් සොයා ගැනීමට අපට සිදු වෙනවා. ඇතැම් අංශ වලින් අපි එහෙම කළා. නමුත් ඇතැම් අංශ වලට අපි මුදල් සොයා ගන්න අවශ්‍යයි. පසුගියදා අපිට විදුලි බිල වැඩි කරන්න සිදු වුනේ ඒ නිසයි. එලෙස සිදුකළත් තවමත් විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා. මෙයට වෙන විකල්පයක් නෑ. නැත්නම් අපිට ඉන්න වෙන්නේ විදුලිය නැතුව. අපිට ඉක්මනින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය නම් සමහර දේවල් අකමැත්තෙන් වුවත් කළයුතුව තිබෙනවා.”