28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්දය කල් ගියත් ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ

ඡන්දය කල් ගියත් ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ

යමි හෙයකින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ලබාගත් නාමයෝජනා ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මීට පෙර පසුගිය 2020 වසරේදි කොරෝනා වසංගත සමයේ දි මහ මැතිවරණයට නාමයෝජනා ලබාගෙන තිබුණත්, ඡන්ද විමසීම කල් දැමීමට සිදුවීමෙන් අනතුරුව ලබාගත් නාමයෝජනාවලටම මහ මැතිවරණය පැවැත්වූ බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, මුදල් නොමැති වීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම් පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව හෙට හෝ අනිද්දා මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුමි දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 10 වනදා ප්‍රතිඥාවක් ලබා දි තිබුණා.

ඒ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සියව ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සමි දෙකක් එදින කැඳවූ අවස්ථාවේදියි.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට මේ වනවිටත් මුදල් ලැබී නොමැතිවීම හේතුවෙනුයි මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුම් දී ඇත්තේ.