― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනරජ පෙරහැරේ ආරක්ෂාවට පොලිසිය ඇතුලුව නිලධාරීන් 3000ක්

ජනරජ පෙරහැරේ ආරක්ෂාවට පොලිසිය ඇතුලුව නිලධාරීන් 3000ක්

මහනුවරදී අද පස්වරුවේ පැවැත්වෙන ජනරජ පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. කේ. රත්නායක සඳහන් කළේ මේ සඳහා ත්‍රිවිද හමුදාවේ, පොලිස් විශේෂ බලකායේ සහ පොලිසියේ නිලධාරීන් 3,000කට අධික පිරිසක් අනියුක්ත කර ඇති බවයි.

75වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනරජ පෙරහැර පැවැත්වෙනවා.

පස්වරු 6.30ට එය වීදි සංචාරය ආරම්භ කෙරෙනවා.

දළදා මාළිගාව අසලින් ගමන් අරඹන ජනරජ පෙරහැර දළදා වීදිය, යටි නුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගෙවැදීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරු 5 සිට පෙරහැර අවසන් වන තෙක් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ද මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. කේ. රත්නායක සඳහන් කළා.