25 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දරුවන් දෙදෙනා ළිඳට දමා මව සියදිවි නසාගන්න හදලා

තම දරුවන් දෙදෙනා ළිඳට දමා මව සියදිවි නසාගන්න හදලා

මවක් සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇය ද සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ පුවතක් කුරුවිට කරපිංචවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මව ඊයේ (18) මෙලෙස තම දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇයද සියදිවි හානිකර ගැනීමට උත්සහ කර ඇති බවයි කුරුවිට පොලිසිය සඳහන් කළේ.

මව විසින් ළිඳට දැමූ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනා අවුරුදු 04 සහ අවුරුදු එකහාමාර යන වයස්වල පසුවූ බවයි වාර්තා වන්නේ.

කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානයකර සියදිවි නසාගැනීමට උත්සාහ කළ 39 හැවිරිදි මව මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

සිය සැමියා සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඇය මෙම තීරණයට එළඹ ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.