― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනීතිවිරෝධිව මෙරටට ගෙන්වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීමට පියවර

නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීමට පියවර

පසුගිය වසර 5 ක කාලසීමාව තුළ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් හෙට (20) දින ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ දී විනාශ කිරිමට නියමිතයි.

රේගු විමර්ශනවලින් අනතුරුව එම වාහන කොටස් රාජසන්තක කර තිබු අතර රේගු භාරයට ගත් මෙවැනි අමතර කොටස් විශාල තොගයක් පවතියි.

ඉන් කොටස් 100 ක පමණ ප්‍රමාණයක් මෙලෙස මුල් අදියරයේ දී විනාශ කරනු ලබන අතර වෙනත් භාණ්ඩ ආනයන කිරීමේ මුවාවෙන් ව්‍යාජ ලිපිලේඛන සකසා මෙම අමතර කොටස් ගෙන්වා ඇත්තේ.

යම් හෙයකින් මෙම අමතර කොටස් වෙළඳපොලට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින අතර ඒ හේතුවෙන් මෙලෙස එම අමතර කොටස් විනාශ කිරීමට පියවර ගත් බව රේගුව සඳහන් කළේ ය.