32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රාගම දුම්රිය ස්ථානයේ දුමිරිය මගීන්ගේ ජංගම දුරකථන සොරකමිකළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 36 හැවිරිදි රාගම, දඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සතුව තිබී ජංගම දුරකථන 10ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

රාගම දුමිරිය ස්ථානයට පැමිණෙන මගින්ගේ ජංගම දුරකථන සොරාගන්නා බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදුකරනු ලැබුවේ.

මොහු සොරාගන්නා ලද ජංගම දුරකථන පසුව මාලිගාවත්ත ප්‍රදේශයේ වෙළඳසැල් වලට රැගෙන ගොස් අලෙවිකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.