― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්තල ගුවන් තොටුපොළ ගැන විශේෂ අනාවරණයක්

මත්තල ගුවන් තොටුපොළ ගැන විශේෂ අනාවරණයක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩි බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරනවා.
ඒ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ, 2021 වාර්ෂික වාර්තාවේ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමිනි.

එම වාර්තාවට අනූව 2017 වසරේ සිට 2021 වසර දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59 කි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් වුවත්, පසුගිය වසර පහ තුළ පැමිණ ඇත්තේ ගුවන් මගීන් 91747 ක් පමණක් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එවැනි හේතු මත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා භාවිත කළ මුදල ඵලදායි ලෙස භාවිත කර නැතැයි, විගණන කාර්යාලය සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පවසා සිටී.

මේ අතර රත්මලාන ගුවන් තොටුපොළ ද අඛණ්ඩව පාඩු ලබා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

එහි දැක්වෙන්නේ 2017 සිට 2021 දක්වා කාලය තුළ රත්මලාන ගුවන් තොටුපොළ රුපියල් මිලියන 1693 කට වැඩි අලාභයක් ලබා ඇති බවයි.